green arrow (TV program)
ඇරෝ යනු ග්‍රෙග් බර්ලන්ටි, මාර්ක් ගුගෙන්හෙඉම් සහ අන්ද්‍රිව් ක්‍රිස්බර්ග් විසින් නිපදවන ලද ඇමරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවකි. එය DC comics හි මොර්ට් වෙයිසින්ගර් සහ ජෝජ් පැප් විසින් නිර්මාණය කරන ලද "ග්‍රීන් ඇරෝ" නම් චරිතය පාදක කරගෙන තැනුවකි. එය උතුරු ඇමෙරිකානු නාලිකාවක් වන CW නාලිකාවේ 2012 ඔක්තෝබර් 10 දින සිටද , ජාත්‍යන්තර වශයෙන් 2012 පසුවද විකාශනය ආරම්භ කෙරිණි. මෙය බිලියනපති තරුණයෙකු වන ඔලිවර් ක්වීන් (ස්ටීෆන් ඇමෙල් විසින් රඟන), වසර 5ක් තිස්සේ සතුරු දිවයිනක සිරවී සිට නැවත නිවසට පැමිණේ.එසේ පැමිණි පසු ඔහු අපරාධ සහ දුෂණ වලට විරුද්ධව සටන්වදී, ඒ රහස් පුද්ගලයෙකු ලෙස දුන්න හා ඊතල ආයුධ කර ගනිමිණි.මෙම නාට්‍ය මාලාව, කථා පොතේ කතාව යථාර්තයක් කිරීමට සමත්වේ.මෙහි සියලුම කථාංග වල , දුපතෙහි සිදු වූ සිද්ධි වල අතීතාවර්ජන කොටස් ඇතුලත් වේ. මෙය රුගත කර ඇත්තේ වැන්කුවර්, බ්‍රිටිෂ් ොලොම්බියා, කැනඩා හිදීය.
ඇරෝ CW නාලිකාවෙහි පසුගිය වසර 5 තුල විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහනයි. මෙහි පළමු වාරයේ අවසානයේදී පමණක් නරඹන්නන් මිලියන 3.68 කට අසන්න පිරිසක් ලබා ගැනීමට හැකිවී ඇත. එය ,ඇරෝ' සම්මාන 3කින් පිදුම් ලැබීමට හේතුවිණි. මෙහි දෙවන වාරයෙහි මංගල දර්ශනය 2013 ඔක්තෝබර් මස 13 දින විකාශය කෙරිණි.ඇරෝහි 3වන වාරය 2014 පෙබරවාරි මස 13 දින ඉදිරිපත් කෙරිණි.
පටුන
[සඟවන්න] - 1 දළ පෙළගැස්ම
- 1.1 එක්සත් ජනපද නීල්සන් තක්සේරුකිරීම
- 1.2 අත්‍යන්ත වර්ණනාව
- 2 වෙනත් මාධ්‍ය
- 2.1 ඩිජිටල් කොමික්ස්
- 2.2 බ්ලඩ් රශ්
- 2.3 වීඩියෝ ක්‍රීඩා
- 2.4 සහසම්බන්ධතා
- 3 වෙළඳපොළට නිකුත්කිරීම
- 4 බාහිර සබැඳි
දළ පෙළගැස්ම[සංස්කරණය කරන්න]
ප්‍රධාන ලිපිය: ඇරෝ කථාංග මාලාව
ස්ටර්ලින් නගරයේ වෙසෙන ඔලිවර් කුවීන්(ස්ටීෆන් ඇමෙල්) නම් බිලියනපති තරුණයෙකු, වසර 5ක් තිස්සේ දුපතක සිරවී සිවීමට සිදුවේ. ඒ ඔවුන් ගමන් කල බෝට්ටුව මුහුදුබත් වීම නිසාවෙනි.බෝට්ටු අනතුරින් රොබට් කුවීන්( ජෙමී ෂෙරිඩ්න්) , එනම් ඔහුගේ පිය ඇතුළු අනෙක් සියලු දෙනාගේම දිවි තොරකරමිනි.ඇත්ත වශයෙන්ම රොබට් දිවිගලවාගෙන පසුව සියදිවි හානි කරගැනී. නගරයට ඔහුගේ නැවත පැමිණීමත් සමග ඔහුට ඔහුගේ පවුලේ සාමාජිකයන් දක්නට ලැබේ. ඒ අතර ඔහුගේ නව සුළු පියාද වේ. ඔහු නමින් වෝල්ටර් ස්ටීලි(කොලින් සල්මන්) ය.තවද ඔලිවර්ගේ මව මොරියා( සුසන්නා තොම්සන්) , සහෝදරිය තිය කුවීන් (විලා හොලන්ඩ්) , ඔහුගේ හොඳම මිතුරාවන, බිලියනපතියෙකු වන මැල්කම් මර්ලින්( ජෝන් බරෝමන්) ගේ පුතු, ටොමී මර්ලින් (කොලින් ඩොනල්) මෙන්ම ඔහුගේ පෙම්වතිය වන ලොරල් ලාන්ස් (කැතී කැසිඩි) ද වේ. මේ පෙළගැස්ම පුරාවට, විවිධ DC Comics චරිත එක්වේ.ඒ ස්ටර්ලින් නගරය පාලනය කිරීමට තරංග කරන්නන් වශයෙනි.
මෙහි පළමු වාරය , ඔලිවර්ගේ ආගමනය සහ ඔහුගේ අරමුණු ඉටුකරගනීම් ගැන අවධානය යොමුකරයි. ඔහුගේ අරමුණ වන්නේ, ස්ටර්ලින් නගරය විනාශ කරන භයානක දුෂිතයන්ය.ඔහු එය ඉතාමත් නිර්භයව සිදුකරයි. ඔහුට , නගරය විනාශ කිරීමට සැලසුම් කරන රහස් සංගමයකට විරුද්ධව සටන්කිරීමට සිදුවේ.ජෝන් ඩිග්ල්( ඩේවිඩ් රැම්සී), එනම් ඔලිවර්ගේ ආරක්ෂකයා සහ ස්මෝක්(එමිලි බෙට් රිකර්ඩ්ස්), එනම් කුවීන්ස සමාගමේ තොරතුරු තාක්ෂණ විශේසඥ තරුණිය ඔලිවර් හට ඔහුගේ මේ සටනේදී නොමද සහයක් ලබාදෙයි. ඔලිවර් දුපතෙහි ගතකල කාලය සහ එහිදී ඔහු වෙනස් වූ අයුරු පළමු වරයී ඇතුලත් වේ.එතැන් පටන් 2 වන වාරය ආරම්භ වේ..
දෙවැනි වාරයේදී,ඔලිවර් අපරාධකරුවන් නොමරා අපරාධ නැවත්වීමට යොමුවේ. ඒ , ඔහුගේ මිතුරු ටොමී ගේ මරණයත් සමගයි.එහෙත් ඔහුගේ නව පරමාදර්ශයට ඔහුගේ සතුරන් අභියෝග කරති. විශේෂයෙන්ම ඒ "ඩේත්ස්ට්‍රොක්"( මනු බෙනට්) ය.ඩේත්ස්ට්‍රොක් ඔලිවර් සමග බද්ධ වෛරයෙන් පෙලෙයි.ඔලිවර්ට බාහිර බලවේග සමගද සටන් කිරීමට සිදුවේ, ඒ කුවීන් සමගම පවත්වාගෙන යාම සඳහායි.
ප්‍රධාන ලිපිය: ඇරෝ හි චරිත
- ස්ටීෆන් ඇමෙල් ඔලිවර් කුවීන්නම් බිලියනපති තරුණයාගේ චටිතය රඟපායි. එය DC comics හි ග්‍රීන් ඇරෝ චරිතය මත පාදක වී ඇති චරිතයකි. නැව් අනතුරින් ජීවිතය බේරාගෙන වසර 5කට පසුව නැවත පැමිණ , සිය පියාගෙන් සිදුවූ වැරදි නිවැරිදි කිරීමේ මෙහෙයුම අරඹයි.ඒ තම නගරය අපරාධකරුවන්ගෙන් ගලවගනීමටය. ඇරෝ කථා මාලාවේ රඟපෑම සඳහා ඇමෙල් හට විශේෂ දුනු පුහුණුවක් පවා ලබා දී තිබේ.මෙම කථා මාලාවේ ඔලිවර්ට කාර්ය කිහිපයක නිරතවීමට සිදුවේ, ඒ එකම චරිතයෙන් වීම විශේෂත්වයකි.
- කැතී කසිඩ් ඩයනා ලෝරල් ලාන්ස් නම් චරිතයට පන පොවයි. එයද DC comics මත පදනම් වූ චරිතයකි.
- 'කොලින් ඩොනල්, ටොමී මර්ලින්, එනම් ඔලිවර්ගේ ලංගම මිතුරාගේ චරිතය රංග දක්වයි. ටොමී අවසානයේදී ඔලිවර්ගේ රහස් ජීවිතය පිලිබඳ දැනගැනී. ටොමීගේ පියා, මැල්කම් මර්ලින් ඇරෝ ටෙලි නාට්‍ය මාලාවේ පලවන වාරයේ එදිරිවදියගේ චරිතයයි.පළමු වාරය අවසානයේදී ටොමී, ලෝරල්ගේ ජීවිතය රැකගැනීම සඳහා මියයයි, ඒ ඔලිවර් සහ ලෝරල් බේරමිණි.
- ඩේවිඩ් රැම්සී , ජෝන් ඩිග්ල් නම් ඔලිවර්ගේ සහකරුවා, විශ්වසවන්තයා සහ ආරක්ෂකයා වේ. ඔහු හමුදාවෙන් විශ්‍රමගෙන ඔලිවර් සමග සේවයට එක්වේ
- විලා හොලන්ඩ් තියා කුවීන් , එනම් ඔලිවර්ගේ නැගණියගේ චරිතයට පණපොවයි. ඇය පළමු වාරයේදී මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටලුවකට මුහුණ පායි.පසුව ඇය ඒ සියල්ලෙන් මිදීමට සමත්වේ.
- සුසන්නා තොම්සන් මොරියා කුවීන්, එනම් ඔලිවර්ගේ මවගේ චරිතය රඟන නිළියයි. ඇයද , රොබට් කුවීන්, එනම් අගේ සැමියාගේ රහස් සංවිධානයේ කොටස්කාරියකි.ඇයද ඔවුන් සමඟ ස්ටර්ලින් නගරය විනාශ කර නැවත පිහිටුවීමේ සැලැස්මක් සාදයි. ඇය ස්ලෙඩ් විල්සන් අතින් මරමුවට පත්වේ.
- පෝල් බ්ලැක්ත්රෝන් පරීක්ෂක කුවින්ටන් ලාන්ස් , එනම් ලෝරල්ගේ පියාගේ චරිතය රංග දක්වන්නයි. ඔහු ස්ටර්ලින් නගරයේ පොලිසියේ පරීක්ෂකවරයෙකි.එහෙත් DC කොමික්ස් චරිතවල් ඔහු ලැරී ලාන්ස් නම් වේ.ආරම්භයේදී ඔහු ඔලිවර් හට සාරාගේ, එනම් ඔහුගේ දියණියගේ මරණය නිසා බැනවැදී. සාරා මියයන්නේ ද යථොක්ත බෝට්ටු අනතුරිනි.
- එමිලි බෙට් රිකඩ්ස් ෆෙලිසිටි ස්මෝක් චරිතයට රංගනයෙන් දායකවේ. ඇය කුවීන්ස් කොන්සොලිඩේටඩ් හි තොරතුරු තාක්ෂණ විශේෂඥවරියක ලෙස සේවය කරන්නීය. ඒ අතරම ඔලිවර්ගේ රහස් සාමාජිකාවක් ලෙසද අයව හැඳින්විය හැක. ඇයද ඩිග්ල් මෙන් ඔලිවර්ට උදව් කරයි.
- මනු බෙනට් ස්ලේඩ් විල්සන් චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදේ.එය "ඩෙත්ස්ට්‍රොක්" නම් DC comics චරිතය පාදක කොටගෙන තැනුවකි.ස්ලේඩ් , ඕස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වන අතර , ඔලිවර්ට දුපතෙදී උදවු කරනු ලබයි.කෙසේවෙතත් ස්ලේඩ් දෙවෙනි වාරයේදී ස්ටර්ලින් නගරයට පැමිණේ; ඒ දුපතේදී වූ සිද්ධියකට ඔලිවර්ගෙන් පලිගැනීමටය.
- කෝල්ටන් හේනස්' යනු රෝයි හාපර් චරිතය රඟන රඟන ශිල්පියයි. එයද DC Comics චරිතයක් මත පාදක වූ චරිතයකි. ඔහු ටීන් wolf කතාමාලාවේ රඟපෑමෙන් පසුව ඇරෝ කථා මාලාවේ රඟපෑමට එක්විය. රෝයි හාපර් යනු එක්තරා ආකාරයක 'අමාරුකරයෙකි', එසේම තියා කුවීන් ගේ පෙම්වතාද වේ.ඒ අතරම ඔහු , ඇරෝ හට සහය වේ.
- ජෝන් බරෝමන් මැල්කම් මර්ලින්, එනම් ටෝමීගේ පියාගේ චරිතයට පණ පොවයි.මැල්කම් ඔලිවර්ලගේ බෝට්ටුව ගිල්වීමටද මුලික වී ක්‍රියාකර ඇත.එමනිසා ඔහු රොබට් කුවීන්ගේ මරණයට සහ සාරාගේ හා ඔලිවර්ගේ රහස් ජීවිතවලට වගකිවයුතු වේ. මැල්කම් පළමු වාරයේ අවසාන කථාංගයෙදී ඔලිවර් අතින් මරමුවට පත්වේ; එහෙත් ඔහුගේ ග්ලේඩ්ස් නගරය විනාශකිරීමේ සිහිනය යථාර්තයක් කිරීමට ඔහු සමත් වේ.
එක්සත් ජනපද නීල්සන් තක්සේරුකිරීම[සංස්කරණය කරන්න]
ඇරෝ කථාංග පෙළ
ඇරෝ හි මංගල දර්ශනය නරඹන්නන් මිලියන 4.14ක් පමණ එක් කරගැනීමට සමත් විය. එය CW නාලිකාවේ පසුගිය වසර 3 තුල විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහනයි. එයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ " ද වැම්පයර් ඩයරීස්"වැඩසටහන වේ; ඒ 2009දී ය.
අත්‍යන්ත වර්ණනාව[සංස්කරණය කරන්න]
IGN සම්මානය හොඳම රුපවාහිනී වීර චරිතය ස්ටීෆන් ඇමෙල්/ඇරෝ
වර්ෂය | සම්මානය | වර්ගය | ලැබූ අය/නිර්දේශ වූ අය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2012
සැටලයිට් සම්මානය[1]හොඳම රුපවාහිනී මාලා නාට්‍යය සඳහා වූ සම්මානය
| පත් කළ | |||
පත් කළ | ||||
2013
පීපල්ස් චොයිස් සම්මානය ඇරෝ
| පත් කළ | |||
ලියෝ සම්මානය
වැඩසටහන
| ජෝසප් පැට්‍රික් ෆින්, ග්‍රෙග් බර්ලන්ටි, මාක් ගුගෙන්හයිම්, ඇන්ද්‍රිව් ක්රෙයිස්බර්ග්, මෙලිස්ස කෙල්නර් බර්මන්, ද්‍රිව් ග්‍රීන්බර්ග්, ජෙනිෆර් ලෙන්ස්, වෙන්ඩි මෙරිකල්, කාල් ඔගාවා | පත් කළ | ||
සිනමාශිල්පය | ගලෙන් වින්ටර් ( ප්‍රථම කතාංගය) | දින්න | ||
ගෝර්ඩන් වර්හුවෙල් (ලෝන් ගන්මන්) | පත් කළ | |||
හොඳම දෘශ්‍ය රංග ප්‍රයෝග | ජීන් ලුක් ඩින්ස්ඩේල්, පවුලින් බම්ස්, ඇන්ද්‍රිව් ඕලොෆ්, ඩේව් ගයිතර් (බර්න්ඩ්) | දින්න | ||
හොඳම නිෂ්පාදන නිර්මාණය | රිචඩ් හඩොලින් (ප්‍රථම කතාංගය) | දින්න | ||
හොඳම නළු වරණය | කොරීන් මේය'ස්, හෙයික් බ්‍රන්ඩ්ස්ටටර් ("ඇන් ඉනර්සන්ට් මෑන්") | පත් කළ | ||
හොඳම සුත්‍ර සම්බන්ධීකරණය | ජේ.ජේ. මකාරෝ (ප්‍රථම කතාංගය) | දින්න | ||
ජේ.ජේ. මකාරෝ ("වර්ටිගෝ") | පත් කළ | |||
නිව්නැව්නෙක්ස්ට් සම්මාන[2] | හොඳම නව අනුශේදය | ඇරෝ | පත් කළ | |
කෝස් යූ'රා හොට් | ස්ටීෆන් ඇමෙල් | පත් කළ | ||
39වන සැටර්න් සම්මාන[3] | හොඳම යෞවන-දිශානත ටෙලිනාට්‍ය මාලාව | ඇරෝ | පත් කළ | |
ටීන් චොයිස් සම්මාන[4] | චොයිස් ටෙලිනාට්‍ය:මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ | පත් කළ | ||
චොයිස් ටීවී නැගී එන වැඩසටහන | පත් කළ | |||
චොයිස් ටීවී රංගන ශිල්පියා: මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ | ස්ටීෆන් ඇමෙල් | පත් කළ | ||
චොයිස් ටීවී නැගී එන තරුව | පත් කළ | |||
චොයිස් ටීවී රංගන ශිල්පිනිය:මනඃකල්පිත/විද්‍යා ප්‍රබන්ධ | කැතී කසිඩි | පත් කළ | ||
කැනේඩියන් සොසෛටි ඔෆ් සිනේමොග්‍රෆි සම්මාන | ගලෙන් වින්ටර් csc, ඇරෝ("ප්‍රථම කතාංගය") | දින්න | ||
බ්‍රෝඩ්කාස්ට් මියුසික් ඉන්කොපරේෂන් | BMI රුපවාහිනී සංගීත සම්මාන | බ්ලේක් නීලි | දින්න | |
TV ගයිඩ් සම්මානය | ප්‍රියතම නව වැඩසටහන් මාලාව | ඇරෝ | දින්න | |
2014 | IGN සම්මාන | හොඳම රුපවාහිනී වීරයා | ස්ටීෆන් ඇමෙල්/ඇරෝ | 2වන ස්ථානය |
පීපල්ස් චොයිස් සම්මාන[5] | ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ/මනඃකල්පිත රුපවාහිනී රංගන ශිල්පියා | ස්ටීෆන් ඇමෙල් | පත් කළ | |
සැටලයිට් සම්මාන[6] | හොඳම මාලා නාට්‍ය වර්ගය සඳහා වන සම්මානය | ඇරෝ | පත් කළ | |
සැටර්න් සම්මාන[7] | හොඳම යෞවන-දිශානත ටෙලිනාට්‍ය මාලාව | ඇරෝ | පත් කළ | |
ලියෝ සම්මාන[8] | වැඩසටහන | ග්‍රෙග් බර්ලන්ටි, ජෝසප් පී. ෆින්, මාක් ගුගෙන්හයිම්, අන්ද්‍රිව් ක්‍රිස්බර්ග්, වෙන්ඩි මෙරික්ල්[9] | පත් කළ | |
සිනෙමාරූපණය | ගෝඩන් ව'හුවෙල්("සක්රිෆයිස්") | පත් කළ | ||
හැඩගැන්වීම | ඩැනියෙල් ෆව්ල' ("කීප් යුවර් එනමීස් ක්ලෝස්ර්") | පත් කළ | ||
සජීවීකරණය | ජේ.ජේ. මාකෝ ("ද සයන්ටිස්ට්") | පත් කළ | ||
ප්‍රධාන ඉදිරිපත්කිරීම - පිරිමි | ස්ටීෆන් ඇමෙල් ("කෘසිබල්") | පත් කළ | ||
ප්‍රධාන ඉදිරිපත්කිරීම - ගැහැණු | එමිලි බෙට් රිකර්ඩ්ස් ("ත්‍රී ගොස්ට්ස්") | පත් කළ | ||
කන්ස්ටලේෂන් සම්මාන[10] | 2013 රුපවාහිනී කතාංගයක විද්‍යා ප්‍රබන්ධ ප්‍රධාන පිරිමි ඉදිරිපත්කිරීම | ස්ටීෆන් ඇමෙල් ("ද ඔඩිසි") | පත් කළ | |
2013 විද්‍යා ප්‍රබන්ධ රුපවාහිනී කතා මාලාව | ඇරෝ | පත් කළ | ||
ටීන් චොයිස් සම්මාන[11] | චොයිස් රුපවාහිනී ප්‍රදර්ශනය: විද්‍යා ප්‍රබන්ධ/මනඃකල්පිත | ඇරෝ | තීරණය වෙමින්.. | |
චොයිස් රුපවාහිනී නැගී එන කාන්තා තරුව[12] | එමිලි බෙට් රිකර්ඩ්ස් | තීරණය වෙමින්.. | ||
යන්ග් හොලිවුඩ් සම්මාන[13] | සුපිරි සුපිරි වීරයා | ස්ටීෆන් ඇමෙල් | පත් කළ |
No comments:
Post a Comment